top of page
Search

2020 මාර්තු මස 08 දින නායක කායිකාවන් හට නිල ලාංඡණ පැලැඳවීම

  • Writer: මලියදේව පරිපාලන අංශය
    මලියදේව පරිපාලන අංශය
  • Mar 8, 2020
  • 1 min read

ධර්ම විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් ප්‍රමාණය අධික වීම නිසා ශිෂ්‍ය නායක මණ්ඩලය, විශේෂ කාර්‍ය මණ්ඩලය සහ පංති නායක මණ්ඩලය යන නායක මණ්ඩල සඳහා ඉදිරිපත් වන සිසුන් සංඛ්‍යාව ධර්ම විද්‍යාලයට අවශ්‍ය කරන සංඛ්‍යාව ඉක්මවා යෑම සෑම වසරකම සිදු වන්නක්. මෙම ගැටලුවට විසඳුමක් ලෙස සිදු කරනුයේ එම මණ්ඩල සඳහා ඉදිරිපත් වන සිසුන් මුලින්ම සම්මුඛ පරීක්ෂණයක් වෙත යොමු කිරීමයි. එහිදී සිසු දරුවන්ගේ විෂය බාහිර කුසලතාවය, නායකත්වයේ ලක්ෂණ, විනය මෙන්ම ධර්ම විද්‍යාලයේ කටයුතු සඳහා දායකත්වය ලබා දිය හැකි ආකාරය පිළිබඳව පරීක්ෂා කරනු ලබයි. එමගින් තේරී පත්වන සිසු දරුවන් දෙමසක පමණ පරිවාස කාලයක් ලෙස යොමු කොට එහිදී ඔවුන්ගේ ප්‍රායෝගිකව හැකියාව විමර්ශණය කොට ඉහලම සුදුසුකම් ඇති සිසුන් තෝරා පත් කර ගනු ලැබේ.

මේ අනුව 2020 සඳහා එලෙස තේරී පත් වූ යට කී මණ්ඩල වල නායක නායිකා සිසු දරු දැරිවියන් හට නිල ලාංඡන ප්‍රධානය කිරීම සිදු කෙරුණේ මාර්තු මස 08 වන ඉරු දිනයි. සමස්ත වශයෙන් සිසුන් 250 ක් පමණ සඳහා නිල ලාංඡණ ප්‍රධානය කිරීමක් බැවින් මෙය තරමක් උත්සවාකාරයෙන් සිදු කිරීමට ධර්ම විද්‍යාලයට අවශ්‍ය විය. ඒ අනුව මාර්තු 08 වන ඉරු දින සවස 2ට කොටිකාවත්ත සණස ශාලාවේදී පැවැත්වීමට කටයුතු යෙදුනු මෙම උළෙලට ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුදල් හා අයවැය අධ්‍යක්ෂක රියඅද්මිරාල් විජිත මැද්දේගොඩ මැතිතුමන්, කොටිකාවත්ත සණස සමිතියේ ගරු සභාපති සරත් විදාන පතිරණ මැතිතුමන් ඇතුලු ප්‍රදේශ වාසී ප්‍රභූන් විශාල සංඛ්‍යාවකයේ සහභාගීත්වයෙක් සිදු විය.

මෙම කටයුත්ත අති සාර්ථක කර ගැනීම සඳහා අර්ථයෙන් ධර්මයෙන් අනුශාසණා කල ධර්ම විද්‍යාලයේ විදුහල්පති හිමියන්ටත් සහය ලබා දුන් කොටිකාවත්ත සණස සමිතියේ ගරු සභාපතිතුමන් ඇතුලු කාර්‍ය මණ්ඩලයටත් ප්‍රදේශ වාසීන්ටත් ධර්ම විද්‍යාලයේ ආචාර්‍ය මණ්ඩලයටත් දෙමාපිය සිසු දරුවන්ටත් කෘතඥ පූර්වක වෙමු.



 
 
 

Comentarios


Ya no es posible comentar esta entrada. Contacta al propietario del sitio para obtener más información.

ශ්‍රී මලියදේව ධර්ම විද්‍යාලය

ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරය

කොටිකාවත්ත

  • Twitter
  • Facebook Social Icon
  • Instagram
  • මලියදේව You Tube දර්ශන එකතුව
bottom of page