top of page
විශේෂ කාර්‍ය මණ්ඩලය
ළමා අවධියේ සිටම සිසු දරුවන් කාර්‍යයෙහි නිපුණ පිරිසක් බවට පත් කිරීමට මලියදේව ධර්ම විද්‍යාලයට ඇත්තේ මහඟු අවශ්‍යතාවයක්. විවිධ ප්‍රායෝගික වැඩසටහන් ඉදිරිපත් කරමින් සිසු දරුවන් ඒ වෙතට යොමු කරවීම සහ ඔවුන් එකී වැඩසටහන් වල සංවිධායකයින් බවට පත් කිරීම තුලින් යට කී අභිප්‍රාය මුදුන්පමුණුවා ගත හැකිය යන්න මලියදේවයේ විශ්වාසයයි. විදුහල්පති ස්වාමීන් වහන්සේ වන බදුල්ලේ මහානාම හිමියන්ගේ නව සංකල්පයකට අනුව ශ්‍රී මලියදේව ධර්ම විද්‍යාලයීය විශේෂ කාර්‍ය මණ්ඩලය පිහිටුවා ඇත්තේ එම අරමුණ කරා වඩා ක්‍රමවත්ව ගමන් කිරීම උදෙසායි.
ධර්ම විද්‍යාලයීය ශිෂ්‍ය නායක මණ්ඩලය සඳහා ඉදිරිපත් විය හැක්කේ 9 වන ශ්‍රේණියෙන් ඉහල සිටින සිසු දරුවනට නිසා විශේෂ කාර්‍ය මණ්ඩලය සඳහා සුදුසුකම් ලබන්නේ 6, 7 සහ 8 වන ශ්‍රේණි වල අධ්‍යාපනය ලබන සිසු දරුවනුයි. ශිෂ්‍ය නායක මණ්ඩලය පෙරටු කොට සිදු වන ධර්ම විද්‍යාලයීය දෛනිය ක්‍රියාකාරකම් වලදී දෙවන පෙල ලෙස කටයුතු කරන්නේ විශේෂ කාර්‍ය මණ්ඩලයයි. ධර්ම විද්‍යාලය ආරම්භ වීමට ප්‍රථම සියලුම පංති කාමර මනාව සකස් කිරීම, විහාරස්ථාන භූමිය අතු ගා පිරිසිදු කිරීම, දහම් පාසල් භූමියට ඇතුලුවන සිසු දරුවන්ගේ අනන්‍යතාවය පරීක්ෂා කිරීම යනාදී දෛනික කටයුතු විශාල ප්‍රමානයක් සිදු කරනුයේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්‍ය මණ්ඩලය විසිනි. මේ අනුව බලන විට විශේෂ කාර්‍ය මණ්ඩලය දෙවන ශිෂ්‍ය නායක මණ්ඩලයක් ද වේ.
අනුශාසක ආචාර්‍ය මඩුල්ල - 2020
  • විදුහල්පති පූජ්‍ය බදුල්ලේ මහානාම හිමි (ප්‍රධාන අනුශාසක )

  • රජිත් නිලංග ද අල්විස් වික්‍රමනායක

  • ඩී.කේ.ඒ.සමන්ත ජයලත්

  • ඒ.එම්.අනුලාවතී

  • එස්.ඒ.එම්.ඒ.යශෝධි රාධිකා

  • නදීශා දුලන්ජනී දාබරේ

විශේෂ කාර්‍ය මණ්ඩලය - 2020

Unknown.png
2020 වර්ෂයේ සියලුම වැඩසටහන්
  • පළමු වැඩසටහන බලාපොරොත්තු වන්න

ශ්‍රී මලියදේව ධර්ම විද්‍යාලය

ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරය

කොටිකාවත්ත

  • Twitter
  • Facebook Social Icon
  • Instagram
  • මලියදේව You Tube දර්ශන එකතුව
bottom of page