top of page
අප ගැන
වර්ථමානය
බස්නාහිර පළාතේ විශාලතම දහම් පාසල් අතුරින් එකක් වන ශ්‍රී මලියදේව ධර්ම විද්‍යාලය වර්ථමානය වන විට ප්‍රදේශවාසී බෞද්ධ දරු දැරියන් දහසකට අධික ප්‍රමාණයකට ධර්ම අධ්‍යාපනය ලබා දෙමින් සිටින විශිෂ්ඨ ආයතනයකි. කොටිකාවත්ත ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරස්ථානයට අනුබද්ධිතව ක්‍රියාත්මක වන මෙම ධර්ම අධ්‍යාපනික ආයතනය වර්ථමානය වන විට විහාරාධිපති, ත්‍රිපිඨක ප්‍රවචන කීර්ති ශ්‍රී සද්ධර්මවාගීශ්වර, සද්ධර්ම කීර්ති ශ්‍රී, එමෙන්ම ශ්‍යාමෝපාලී මහා නිකායේ ශ්‍රී කල්‍යාණී සාම ශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ කර්මවාගාචාර්ය, විහාරස්ථානය අනුබද්ධිත සම්බුදුමග සංවිධානයේ නිර්මාතෘ, ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනමේ ආගමික අනුමණ්ඩලයේ සභාපති පූජ්‍යපාද බදුල්ලේ මහානාම හිමියන්ගේ විදුහල්පතීත්වයෙන් පරිපාලනය සිදු වේ. ධර්ම අධ්‍යාපනයත්, ගුරු වෘතියත් පිළිබඳව වසර ගණනාවක පලපුරුද්ද සහ අත්දැකීම් සහිත ජ්‍යේෂ්ඨ ආචාර්‍යවරුන්ගෙන්ද, ධර්මවාදී මෙන්ම කාර්‍යයෙහි නිපුණ ජවසම්පන්න දක්ෂ තරුණ ආචාර්‍යවරුන්ගෙන්ද සමන්විත 40 ඉක්මවූ සාමාජික පිරිසක් ඇති මලියදේව ආචාර්‍ය මණ්ඩලය සිසු දරුවන් ප්‍රායෝගික බෞද්ධ දරුවන් පිරිසක් බවට පත් කිරීමට නිරන්තරයෙන් කැප වෙයි.
බෞද්ධ සිසු දරුවන් නායකත්වයෙහි නිපුණ පිරිසක් බවට පත් කරනු පිණිස පිහිටුවා ඇති ධර්ම විද්‍යාලයීය ශිෂ්‍ය නායක මණ්ඩලය වර්ථමානය වන විට සිසුන් 40 ඉක්මවූ කණ්ඩායමක් බවට පත් වී තිබේ. හුදෙක් අධ්‍යාපණික කටයුතු සිදු කිරීම යන සීමාවෙන් ඔබ්බට පිවිස නිර්මාණශීලී ක්‍රියාකාරකම් වල නිරත වීම මලියදේව ශිෂ්‍ය නායක මණ්ඩලයේ එක් විශේෂ ලක්ෂණයක්. තවද, කුඩා අවධියේ සිටම නායකත්ව ලක්ෂණ සංවර්ධනය කර ගැනීම, වගකීම් පිළිබඳ අවබෝධයක් ලබා දීම යනාදී අරමුණු රැසක් පෙරදැරි කොට පිහිටුවා ඇති කණිෂ්ඨ ශිෂ්‍ය නායක මණ්ඩලයක් බඳු වූ මලියදේව විශේෂ කාර්‍ය මණ්ඩලය විදුහල්පති හිමියන්ගේ නව සංකල්පනාවකට අනුව පිහිටුවන ලද්දකි. කථිකත්වය, ගායන හැකියාව ආදී වූ සිංහල සංස්කෘතික කලා කෞශල්‍යය සංවර්ධනය කර ගැනීමට අවස්ථාවක් ලබා දීමේ අරමුණින් පිහිටුවා ඇති මලියදේව මාධ්‍ය සංසදය, නවෝද්‍ය ශිෂ්‍ය සමිතිය මෙන්ම බෞද්ධ සංස්කෘතිය හා සම්භන්ධ පුද පූජා පිළිබඳව ප්‍රායෝගික හුරුවක් ඇති කරවීමේ අරමුණින් පිහිටුවා ඇති බුද්ධ පූජා කමිටුව වර්ථමානය වන විට මලියදේවය තුල ක්‍රියාත්මක වන සුවිශේෂී ශිෂ්‍ය කණ්ඩායම් ලෙස සැලකිය හැක.
ප්‍රාථමික, කණිෂ්ඨ, ජ්‍යේෂ්ඨ ලෙස අංශ තුනක් යටතේ ක්‍රියාත්මක වෙන අධ්‍යාපනික වැඩපිළිවෙල නිසා එක් එක් සිසු දරුවන්ගේ වයස සීමාව අනුව බෞද්ධ දර්ශණය පිළිබඳ අවබෝධය ලබා දීමට මලියදේවයනට හැකි වී තිබේ.
ප්‍රාථමික අංශය
පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා වූ ශ්‍රේණි ප්‍රාථමික අංශය ලෙස වෙන්කර ඇති අතර සෑම ශ්‍රේණියකම පංති දෙක බැගින් මෙන්කර ඇත. වාර්ෂිකව ඇතුලත්වන සිසුන් ප්‍රමාණය අධික වීමත් එක් එක් සිසුවකුට විශේෂ අවධානයක් ලබා දීමට අවශ්‍යතාවය නිසාත් මෙසේ  පංති දෙකකට වෙන්කර ඇත. කෙසේ වෙතත් සෑම පංතියකම සිසුන් 40 බැගින් පමණ ධර්ම අධ්‍යාපනය ලබන අතර ඒ සියලු දෙනාටම සිය අධ්‍යාපන කටයුතු මැනෙවින් සිදු කර ගැනීම සඳහා අවශ්‍ය භෞතික සම්පත් සපයා දීමට මලියදේවයට හැකිවී ඇත. විදුහල්පති හිමියන්ගේ අවවාද අනුශාසනා යටතේ ප්‍රවීණ ගුරුවරියක වන එච්.රත්නාවලී ගුණතුංග ගුරුවරියගේ උප විදුහල්පතිත්වයෙන් ප්‍රාථමික අංශයේ පරිපාලනය සිදු වේ.
කණිෂ්ඨ අංශය
සයවන ශ්‍රේණියේ සිට අටවන ශ්‍රේණිය දක්වා වූ ශ්‍රේණි කණිෂ්ඨ අංශය ලෙස වෙන්කර ඇති අතර සෑම ශ්‍රේණියකම පංති දෙක බැගින් මෙන්කර ඇත. මෙම අංශයේද සෑම පංතියකම සිසුන් 40 බැගින් පමණ ධර්ම අධ්‍යාපනය ලබන අතර විදුහල්පති හිමියන්ගේ අවවාද අනුශාසනා යටතේ කණිෂ්ඨ අංශයේ පරිපාලනය සිදු වේ.
ජ්‍යේෂ්ඨ අංශය
නමවන ශ්‍රේණියේ සිට අවසාන ශ්‍රේණිය දක්වා වූ ශ්‍රේණි ජ්‍යේෂ්ඨ අංශය ලෙස වෙන්කර ඇති අතර සෑම ශ්‍රේණියකම පංති දෙක බැගින් වෙන්කර ඇත. අවසාන ශ්‍රේණිය අවසාන කණිෂ්ඨ, අවසාන ජ්‍යේෂ්ඨ ලෙස ද පංති දෙකකට බෙදා ඇත. මෙම අංශයේද සෑම පංතියකම සිසුන් 40 බැගින් පමණ ධර්ම අධ්‍යාපනය ලබන අතර විදුහල්පති හිමියන්ගේ අවවාද අනුශාසනා යටතේ ජ්‍යේෂ්ඨ අංශයේ පරිපාලනය සිදු වේ.
අපගේ දැක්ම
Logo_01.png

සාරධර්ම ගුණධර්ම වලින් හෙබියාවූ යහපත් දරු පිරිසක් සමාජයට දායාද කිරීම අපේ පැතුමයි

අපගේ ඉතිහාසය
History_01.jpeg

ශ්‍රී මලියදේව ධර්ම විද්‍යාලය මුලින්ම ආරම්භ කෙරුනේ වර්ෂ 1947 දී ලමුන් 101 දෙනෙකුගෙන් සමන්විතවය. ඒ පූජ්‍ය දිද්දෙණියේ සීලරතන නායක ස්වාමීන් වහන්සේගේ හා පූජ්‍ය දිද්දෙණියේ ප්‍රේමරතන නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ අභිධර්ම විශාරද බාරොන් හෙට්ටිගේ මහතාගේ විදුහල්පතිත්වයෙනි.

ශ්‍රී මලියදේව ධර්ම විද්‍යාලය

ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරය

කොටිකාවත්ත

  • Twitter
  • Facebook Social Icon
  • Instagram
  • මලියදේව You Tube දර්ශන එකතුව
bottom of page