top of page

ශිෂ්‍ය නයක මණ්ඩලය
ධර්ම විද්‍යාලයීය දෛනික කටයුතු නිසියාකාරව සිදු කිරීමේදී ඉතා ප්‍රසංශනීය මෙහෙවරක් සිදු කරන ශිෂ්‍ය කණ්ඩායමක් ලෙස ශිෂ්‍ය නායක මණ්ඩලය සැලකිය හැක. ඉරුදින ධර්ම විද්‍යාලයේ අධ්‍යාපනික ආදී වැඩ කටයුතු ක්‍රමවත්ව සිදු කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීම උදෙසා ශිෂ්‍ය නායක මණ්ඩලය ඉදිරිපත් වනුයේ පෙර දින එනම් සෙනසුරාද දින පටන්. එතැන් පටන් පසුදින ධර්ම විද්‍යාලය අවසන් වීම දක්වා සිසු දරුවන් විසින් සිදු කරන සියලු කටයුතු වල සංවිධානය ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් සිදු කරනු ලැබේ. සියලු සිසු දරුවන්ට නිසියාකාරව ධර්ම අධ්‍යාපනය ලැබීමට පහසු වන සේ පංති කාමර නිසි පරිදි සකස් කිරීම සහ අතු ගා පිරිසිදු කිරීමේ මූලික අධීක්ෂණය සිදු කරනුයේ ශිෂ්‍ය නායක මණ්ඩලය විසිනි. ධර්ම විද්‍යාලය පවත්වාගෙන යන විහාරස්ථාන භූමිය අතුගා පිරිසිදු කිරීම, කැලි කසල ඉවත් කිරීම යනාදිය ද සමගාමීව සිදු කෙරේ.
පිරිසිදු කිරීම් වලට අමතරව සිසු දරුවන්ගේ විනයානුකූල හැසිරීම පුහුනු කිරීමද ශිෂ්‍ය නායක මණ්ඩලය සතු තවත් එක් වගකීමක්. ධර්ම විද්‍යාලයීය විනය කමිටු ආචාර්ය මණ්ඩලයේ අනුදැනුම අනුව සිදු කෙරෙන මෙම ක්‍රියාදාමය සිසුන් උදෑසන විහාරස්ථාන භූමියට ඇතුල්වීමේ පටන් නැවත පිටව යන තුරු ක්‍රියාත්මක වේ. දහම් අධ්‍යාපනය සඳහා පැමිණෙන සිසුන් ධර්ම විද්‍යාලය විසින් පනවා ඇති නීති රීති වලට අනුගතද යන්න පරීක්ෂා කර බැලේම, නිසි වේලාවන්හිදී සීනු නාද කිරීම, සිසුන් උදෑසන රැස්වීම් සඳහා යොමු කරවීම සහ නැවත පංති කරා පිටත්කර යැවීම, නාම ලේඛන පංති වෙත බෙදා දීම යනාදී කටයුතු ද ශිෂ්‍ය නායක මණ්ඩලයේ භාරදූර කටයුතු ලෙස සැලකේ. පවරා ඇති වගකීම් සිය අත්දැකීම් මට්ටම අනුව ඉටු කරන අතරම විෂය බාහිර වැඩසටහන් සංවිධානය කිරීම මලියදේව ශිෂ්‍ය නායක මණ්ඩලය සතු තවත් එක් සුවිශේෂී කාරනාවක් ලෙස සැලකිය හැක. සෑම වසරකම ආරම්භක කාල වකවානුව තුලදී සිදු කෙරෙන ශිෂ්‍ය නායක නිල ලාංඡණ ප්‍රධානය කිරීම අති උත්සවාකාරයෙන් සිදු කිරීමට අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කෙරෙනු ලබන්නේ මණ්ඩලය විසින්. එතැන් පටන් වසර අවසානය දක්වා වූ කාල පරාසය තුල පොහොය දින දන්සල් පැවැත්වීම, වෙසක්-පොසොන් උත්සව අරමුණු කරමින් විවිධ වැඩසටහන් පැවැත්වීම ආදී වූ නානාවිධ ජාතික සහ ආගමික කටයුතු ගණනාවක් ඔවුන් විසින් සිදු කරනු ලබයි. තවද ගුරු දිනය අරඹයා සංවිධානය කරනු ලබන ගුරු උපහාර උළෙල සියලු දෙනාගේ ප්රසංශාවට භාජනය වන්නකි.
මෙකී නොකී අධ්‍යාපනික සහ බාහිර කටයුතු සිය මූලිකත්වය යටතේ සංවිධානය කර ගනිමින් සැබෑ නායකයකු සතුව තිබිය යුතු නායකත්වයේ ලක්ෂණ සංවර්ධනය කරා ගැනීමට මලියදේව ශිෂ්‍ය නායක මණ්ඩලය දරන කැපවීම සෙසු ධර්ම විද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසු දරුවන් හටද ආදර්ශයක් වන බව නොඅනුමානය.
අනුශාසක ආචාර්ය මඩුල්ල - 2020
-
විදුහල්පති පූජ්‍ය බදුල්ලේ මහානාම හිමි (ප්‍රධාන අනුශාසක )
-
ශෂික වසන්ත සේරම්
-
එම්.කේ.ලොශාන් අනුරුද්ධ
-
ඩිල්ෂාන් මධුසංක
-
ඒ.ජී.සකුණි සන්දීපා
-
විහාරි සඳුන්මිනි දසනායක
ශිෂ්‍ය නායක මණ්ඩලය - 2020

පසුගිය ශිෂ්‍ය නායක මණ්ඩල

ශිෂ්‍ය නායක මණ්ඩලය - 2019

ශිෂ්‍ය නායක මණ්ඩලය - 2019
1/1

ශිෂ්‍ය නායක මණ්ඩලය
ප්‍රධාන දොරටුව අබියස..

2020 නවම් මස දන්සල
ප්‍රදේශවාසීන් උදෙසා දන්සල

2020 නවම් මස දන්සල
ප්‍රදේශවාසීන් උදෙසා දන්සල

ශිෂ්‍ය නායක මණ්ඩලය
ප්‍රධාන දොරටුව අබියස..
1/3
2020 වර්ෂයේ සියලුම වැඩසටහන්
-
නවම් පුර පසලොස්වක පොහොය දින (පෙබරවාරි 08)
ශ්‍රී නාගරුක්ඛාරාම විහාරස්ථානයේ සිල් සමාදන් වූ උපාසක උපාසිකාවන් හට ගිලන්පස පූජාවක් සහ එදිනම ප්‍රදේශවාසීන් හට තේ පැන් සහ බිස්කට් දන්සලක් සංවිධානය කිරීම.
bottom of page