top of page

මාධ්‍ය සංසදය
ශ්‍රී මලියදේවයේ අධ්‍යාපනය ලබන සිසු දරුවන්ගේ කථිකත්වය සහ නිවේදන කුසලතාවය සංවර්ධනය කිරීමේ අරමුණින් ආරම්භ කර ඇති ශ්‍රී මලියදේව මාධ්‍ය සංසදය ද තවත් එක් සුවිශේෂී ශිෂ්‍ය එකමුතුවක්. ධර්ම විද්‍යාලය මගින් ක්‍රියාත්මක වන සියලුම වැඩසටහන් සඳහා ප්‍රචාරණ මාධ්‍යය සකස් කර දෙනු ලබන්නේ මාධ්‍ය සංසදය විසින්. වැඩසටහන පැවැත්වීමට ප්‍රථම අදාල ශබ්ද පරිපාලන උපකරණ සම්භන්ධ කිරීම සහ ඊට අදාල තාක්ෂ්ණික ඥාණය සාපයා දීම සුවිශේෂී සේවාවක්.
නැවුම් අදහස් දහම් පාසල් සංස්කෘතියට දායාද කරන ශ්‍රී මලියදේවය මාධ්‍යය සංසදයක් බිහි කිරීම තුලින්ද බලාපොරොත්තු වූයේ එයයි. එමගින් ඉදිරිපත් කරන ’සදහම් අරුණලු’ මලියදේවයේ බලාපොරොත්තු මල්ඵල ගන්වන්නක්. සෑම ඉරු දිනකම ධර්ම විද්‍යාලය ආරම්භ කිරීමට හෝරාවකට පමණ පෙර සිට විකාශණය කෙරෙන සදහම් අරුණලු වැඩසටහන සිසු දරුවන්ගේ මෙන්ම ප්‍රදේශ වාසීන්ගේද දෙසවනට අමා දම් මුසු කරයි. කථා, පද්‍ය ගායනා, සාකච්ඡා යනාදී අංග රැසකින් සංයුක්තව විකාශනය කෙරෙන සදහම් අරුණලු මලියදේව සිසු දරුවන්ගේ කථිකත්වය, ගායන කුසලතාවය මෙන්ම නිවේදන කෞශල්‍යය ද සංවර්ධනය කර ගැනීම උදෙසා මගඟු පිටුවහලක් සපයයි. යම් තෝරාගත් මාතෘකාවක් ඔස්සේ ආචාර්‍ය මණ්ඩලයේ ගුරුභවතකු සමඟ කෙරෙන සාකච්ඡාව සඳහම් අරුණලු හි තවත් එක් සුවිශේෂී අංගයක්.
'සක් හඬ' ගුවන් විදුලිය මලියදේවන්ගේ මාධ්‍ය සංසදය විසින් සිදු කරන තවත් එක් පෙරලිකාර ව්‍යාපෘතියක්.
අනුශාසක ආචාර්‍ය මඩුල්ල - 2020
මාධ්‍යය සංසදය - 2020


මාධ්‍යය සංසදය
කටයුතු සූදානම් කරමින්...

මාධ්‍යය සංසදය
කටයුතු සූදානම් කරමින්...

මාධ්‍යය සංසදය
කටයුතු සූදානම් කරමින්...

මාධ්‍යය සංසදය
කටයුතු සූදානම් කරමින්...
1/3
2020 වර්ෂයේ සියලුම වැඩසටහන්
-
ලඟදීම බලාපොරොත්තු වන්න
-
විදුහල්පති පූජ්‍ය බදුල්ලේ මහානාම හිමි (ප්‍රධාන අනුශාසක )
-
එම්.කේ.ලොශාන් අනුරුද්ධ
-
ඒ.ජී.සකුණි සන්දීපා
bottom of page