top of page

නීති මලාව
-
ධර්ම විද්‍යාලය පෙ.ව.7:45 ට ආරම්භ වන බැවින් පෙ.ව.7:25 වන විට ධර්ම ව්ද්‍යාලයට පැමිණිය යුතුය.
-
තමාහට එදිනෙදා පැවරී ඇති කාර්යයන් නිසි පරිදි ඉටු කල යුතුය.
-
ධර්ම විද්‍යාලයේ නිල ලාංඡනයෙන් හා නිල ඇඳුමෙන් සැරසී පැමිණිය යුතුය.
-
සෑම දිනකම, ශිෂ්‍ය වාර්ථා පොත අනිවාර්‍යයෙන් රැගෙන ආ යුතුය.
-
දැනුම් දීමකින් තොරව සති 05ක් ධර්ම විද්‍යාලයට නොපැමිණියහොත් විද්‍යාලයෙන් ඉවත් වූ අයෙකු ලෙස සලකන අතර නැවත කිසිම හේතුවක් මතවත් ඇතුළත් කරගනු නොලැබේ.
-
ඔබ පංතියට සපයා ඇති බැහැර යාමේ අවසර පත නොමැතිව පංතියෙන් බැහැර යාම නොකළ යුතුය.
-
විශේෂ විලාසිතා කිරීම දෙපක්ෂයටම තහනම් වේ. (කොණ්ඩ සහ ඇඳුම් මෝස්තර, නිය වැවීම, නිය පාට කිරීම ආදිය)
-
ධර්ම විද්‍යාලයට අදාල පොත්පත් හැර අනි කිසිදු භාණ්ඩයක් විද්‍යාලය තුලට රැගෙන ඒම තහනම්ය. (වටිනා භාණ්ඩ, ජංගම දුරකථන, විවිධ ඡායාරූප)
-
ධර්ම විද්‍යාලයේ දේපළවලට කිසිසේත් හානි නොකළ යුතුය. එසේ කිරීම ධර්ම විද්‍යාලයෙන් ඉවත් කිරීමට පවා හේතුවේ.
-
නොපැමිණීමට හේතු වාර්තා පොතේ පමණක් සටහන් කළ යුතු අතර ලිපි පිළිගනු නොලැබේ.
-
දරුවන්ගේම යහපත උදෙසා ධර්ම විද්‍යාලය මගින් පවත්වනු ලබන බාහිර ක්‍රියාකාරකම්, උත්සව යනාදියට සහභාගී වීම අනිවාර්‍ය වේ. සහභාගී විය නොහැකි අත්‍යවශ්‍ය හේතුවක් නම් දෙමාපියන් මගින් ලිඛිතව දැනුම් දිය යුතුය.
-
ලිඛිත අවසරයක් නොමැතිව ධර්ම විද්‍යාල කාලය තුල බැහැර යා නොහැකි වේ.
-
ධර්ම විද්‍යාලය මගින් පවත්වනු ලබන සීල සමාදාන, බෝධි පූජා, ධර්ම දේශනා යනාදී පිංකම් වලට සහභාගී වීම අනිවාර්‍ය වේ. සහභාගී විය නොහැකි අත්‍යවශ්‍ය හේතුවක් නම් සලකා බලන අතර එය ලිඛිතව දෙමාපියන් මගින් දැනුම් දිය යුතුය. (විවිධ තනතුරු සඳහා තෝරා ගැනීමේදී මෙය සලකා බලනු ලැබේ.)
-
ධර්ම විද්‍යාලය මගින් පවත්වනු ලබන වාර පරීක්ෂණ වලට පෙනී සිටීම අනිවාර්‍ය වේ.
-
ධර්ම විද්‍යාලය මගින් හා බාහිරව පවත්වනු ලබන විවිධ තරඟ සඳහා සහභාගී වීම ඔබගේ දක්ෂතාවයන් හා හැකියාවන් වර්ධනය කර ගත හැකි හොඳ අවස්ථාවක් බව සලකන්න.
-
ධර්ම විද්‍යාලයේ, දෙමවුපියන්ගේ හා ඔබගේ ගෞරවයට හානිකර කුමන හෝ ආකාරයේ විනය විරෝධී කටයුත්තක් සිදු කිරීම පළමුවර දඬුවම් ලැබීමට හා දෙවන වර ශිෂ්‍ය භාවය අහෝසි වීමට හේතු වේ.
-
ධර්ම විද්‍යාලයේ, මඟ තොටේදී හා පොදු ස්ථානවලදී ධර්ම විද්‍යාලයේ ගුරුවරුන්ගේ, දෙමාපියන්ගේ හා තමාගේ ගෞරවය හා තත්වය ආරක්ෂා වන පරිදි හැසිරිය යුතුයි.
bottom of page