top of page
දෙමවුපියන්ට උපදෙස්
  1. දරුවා දිනපතාම ධර්ම විද්‍යාලයට එවීමට කටයුතු කළ යුතුය.
  2. මෙම ශිෂ්‍ය වාර්තා පොත පරීක්ෂා කොට එහි අදාල කොටස සම්පූර්ණ කළ යුතුය.
  3. නිවස තුලදී නිතරම දරුවාට ආදර්ශමත්ව හැසිරිය යුතුය.
  4. සිංහලකම, බෞද්ධකම හා ආගමික සිරිත් විරිත් පිළිබඳ හැඟීම් නිතරම දරුවා තුල ඇති කළ යුතුය.
  5. නොපැමිණීමට හේතු හා කල්තියා රැගෙන යාම පිළිබඳ අසත්‍ය තොරතුරු සටහන් නොකල යුතුය.
  6. මසකට වරක්වත් ධර්ම විද්‍යාලයට පැමිණ දරුවා පිළිබඳ තොරතුරු ගුරුවරයා සමඟ සාකච්ඡා කළ යුතුය. (මෙමඟින් දරුවාගේ දුර්වලකම් හඳුනාගැනීමට හා ගුණධර්ම වර්ධනය කිරීමට දෙපක්ෂයටම හැකියාව ලැබේ.)

  7. විහාරස්ථානයේ පවත්වන විවිධ පිංකම් සඳහා දරුවා සමඟ සහභාගී විය යුතු අතර එය ආධ්‍යාත්මික ශක්තිය සංවර්ධනය කර ගැනීම සඳහා හේතු වේ.

  8. ධර්ම විද්‍යාලයෙන් කරන කැඳවීම්වලට සහභාගී විය යුතුවේ.

  9. ධර්ම විද්‍යාලය සංවර්ධනය කිරීම උදෙසා හැකි පමණින් දායක වීම ඔබේ යුතුකමක් වේ.

  10. දරුවා බාහිර සමාජයේදී ගත කරන ජීවිතය පිළිබඳව අවධානයෙන් සිටින්න.

  11. ධර්ම විද්‍යාලය අවසන් වී ප්‍රමාද වී නිවසට පැමිණෙන්නේ නම් හේතු සොයා බලන්න.

 

ධාර්මික පුරවැසියන් බිහිකිරීම අපේ පැතුමයි. එයට ඔබේ සහයෝගය ලබා දෙන්න.

ශ්‍රී මලියදේව ධර්ම විද්‍යාලය

ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරය

කොටිකාවත්ත

  • Twitter
  • Facebook Social Icon
  • Instagram
  • මලියදේව You Tube දර්ශන එකතුව
bottom of page