top of page
සිසුන් ඇතුලත් කිරීමේ ක්‍රමවේදය
ප්‍රදේශය තුල ධර්ම විද්‍යාලයට කීර්තිය නිසාම තම දරුවන් එයට ඇතුලත් කර ගැනීම සඳහා දෙමවුපියන් දැඩි උනන්දුවකින් කටයුතු කරන බවක් පෙනී යයි. කෙසේ නමුත් ඇතැම් ශ්‍රේණි සඳහා විද්‍යාලය විසින් සපයා දිය හැකි භෞතික පහසුකම් වල සීමාව සලකා බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය සීමිත කිරීමට ද සිදුවී තිබේ. මෙම සීමා කිරීම සාධාරණ ක්‍රමවේදයකට සිදු කරනු පිණිස විද්‍යාලය විසින් නිර්ණය කරන ලද යම් යම් සාධක කිහිපයක් ඇත. එමෙන්ම එසේ පහසුකම් සීමිත ශ්‍රේණි සඳහා සිසුන් ඇතුලත් කර ගැනීමේදී අදාල සිසුවාගේ හෝ සිසුවියගේ දෙමවුපියන් ධර්ම විද්‍යාලය විසින් පවත්වනු ලබන විශේෂ සම්මුඛ පරීක්ෂණයකට ද මුහුණ දිය යුතුය. විද්‍යාලීය පරිපාලන අංශය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසු වේලාවක් වෙන්කරවා ගත හැක. සාමාන්‍යයෙන් සෑම වසරකම අවසාන මාසයේ පටන් එලඹේන වසරේ පළමු මාසය අතර කාල සීමාව තුලදී මෙසේ සම්මුඛ පරීක්ෂණ සංවිධානය කෙරේ. මෙම පරීක්ෂණ මාලාව විශේෂයෙන් පවත්වනු ලබන්නේ එලඹෙන වසරේ විද්‍යාලයේ පළමු වසර සඳහා ඇතුලත් වීමට බලාපොරොත්තු වන සිසු දරුවන් උදෙසායි.
සිසුන් ඇතුලත් කර ගැනීමේ ක්‍රමවේදය පිළිබඳ වැඩි විස්තර දහම් පාසල පැවැත්වෙන ඉරු දිනක පාසල වෙත පැමිණීමෙන් හෝ වෙනත් මාධ්‍යයක් ඔස්සේ විද්‍යාලීය පරිපාලන ඒකකය සම්භන්ධ කර ගැනීමෙන් ලබා ගත හැක. 

ඇතුලත් කර ගැනීමේ මීලඟ දිනය

Logo_01.png

එලඹෙන ඉරු දින

ශ්‍රී මලියදේව ධර්ම විද්‍යාලය

ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරය

කොටිකාවත්ත

  • Twitter
  • Facebook Social Icon
  • Instagram
  • මලියදේව You Tube දර්ශන එකතුව
bottom of page