top of page
Search

2019 මාර්තු 17 දින වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය

  • Writer: මලියදේව පරිපාලන අංශය
    මලියදේව පරිපාලන අංශය
  • Mar 17, 2019
  • 1 min read

මලියදේව සිසු දරුවන්ගේ අධ්‍යාපනික සහ විෂය බාහිර කුසලතා ඇගයිමට ලක් කරමින් පවත්වන ලද ත්‍යාග ප්‍රධානෝත්සවය 2019 මාර්තු මස 17 වන දින අති උත්කර්ශවත් අන්දමින් සිදු විය. ධර්ම විද්‍යාලයේ විදුහල්පති පූජ්‍ය බදුල්ලේ මහානාම හිමියන්ගේ මූලික අනුශාසනා, මගපෙන්වීම් සහ ආශිර්වාධ පෙරටුකොට, ගුරුමණ්ඩලයේ අපමණ කැපවීම්න් සංවිධානය වූ මෙම උත්සවය වඩා සාර්ථක කරදීම සඳහා ප්‍රදේශවාසී ප්‍රභූන්ගේ ද සිසු දරුවන්ගේ දෙමවුපියන්ගේද ප්‍රදේශ්වාසී සෙසු ජනතාවගේද නොමද සහයත් සහභාගීත්වයත් ලැබින. ධර්ම විද්‍යලයේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ විශේෂ සිසුන් දස දෙනෙකුට විදුහල්පති සම්මානයෙන් සම්මානයෙන් පිදුම් ලද හැකි විය. දක්ෂතා දැක්වූ සෙසු සිසු දරුවන්ට රන්, රිදී, ලෝකඩ පදක්කම් ද සහතික පත්‍ර ද කුසලතාවය අනුව හිමි විය. තවද පුරා වසර 20ක් මුලුල්ලේ අඛංඩ යුග මෙහෙවරක නිරත වෙමින් ශ්‍රී මලියදේව ධර්ම විද්‍යාලය දිවයිනේ ප්‍රමුඛතම දහම් පාසල් අතුරින් එකක් බවට පත් කිරීමට තම කාලය ශ්‍රමය නොමසුරුව වැය කල ධර්ම විද්‍යාලයේ විදුහල්පති පූජ්‍ය බදුල්ලේ මහානාම හිමියන්ගේ එකී යුග මෙහෙවර ඇගයීමට ලක් කරමින් ශ්‍රී මලියදේව ආදි ශිෂ්‍ය සංගමය විසින් උන්වහන්සේ වෙත සමරු පලකයක් පිලිගැන්වීමද ත්‍යාග ප්‍රධාන උළෙලෙහි සුවිශේෂී කාරනාවක් විය. මෙහිදී සිදු වූ තවත් විශේෂිත කරුණක්ව න්නේ ත්‍යාග ලබා ගැනීමට අපොහොසත් වූ සියලු සිසුන් වෙත ඔවුන්ව ධෛර්‍ය කරනු පිණිස 'පොදු ත්‍යාගය' නමින් වූ පිරිනැමීමයි.





 
 
 

Comments


Commenting on this post isn't available anymore. Contact the site owner for more info.

ශ්‍රී මලියදේව ධර්ම විද්‍යාලය

ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරය

කොටිකාවත්ත

  • Twitter
  • Facebook Social Icon
  • Instagram
  • මලියදේව You Tube දර්ශන එකතුව
bottom of page