2019 දෙසැම්බර් 08 දින සම්බුදු මග සිතුවම් දැක්ම
- මලියදේව පරිපාලන අංශය
- Dec 8, 2019
- 1 min read
මලියදේව සිසු දරුවන්ගේ කලා කෞශල්‍යය සංවර්ධනය කරලීම උදෙසා ක්‍රියාත්මක කෙරෙන විවිධ වැඩසටහන් අතුරින් තවත් එක් වැඩසටහනකි 'සම්බුදු මග සිතුවම් දැක්ම'. කවදත් නැවුම් අදහස් ක්‍රියාවට නංවමින් ප්‍රදේශ්වාසීන් ධම්ම මාර්ගය වෙත යොමු කරවන විහාරාධිපති මෙන්ම මලියදේවයේ විදුහල්පති පූජ්‍ය බදුල්ලේ මහානාම හිමියන්ගේ තවත් නව සංකල්පයක් වූ මෙය උන්වහන්සේගේම අදහසකට අනුව බිහි කෙරුණු 'සම්බුදු මග සංවිධනය' මඟින් පවත්වනු ලබන්නක්. ධර්ම විද්‍යාලයේ ඉගෙනුම ලබන සියලුම සිසු දරුවන්ගේ චිත්‍ර ඇඳීමේ හැකියාව ඇගයීමට ලක් කිරීම උදෙසා චිත්‍ර ප්‍රදර්ශණයක් පැවැත්වීම සහ එහිදී විශේෂ කෞශ්ල්‍යයකින් හෙබි දූ දරුවනට පදක්කම් සහ සහතික පත්‍ර ප්‍රධානය කිරීම මෙහිදී සිදු කෙරේ.
මෙම වසරේදී සම්බුදු මග සිතුවම් දැක්ම පැවැත්වීම සිදු කෙරුනේ දෙසැම්බර් මස 08 වන දින. කොමර්ෂල් බැංකුවේ සභාපති ධර්ම ධීරසිංහ මැතිතුමාගේ සුරතින් චිත්‍ර ප්‍රදර්ශණය විවෘත කිරීමෙන් අනතුරුව පදක්කම්, ත්‍යාග සහ සහතිකපත් ප්‍රධානය කිරීමේ උළෙලද එතුමාගේම ප්‍රධානත්වයෙන් සිදු විය. කවදත් ධර්ම විද්‍යාලයීය කටයුතු සඳහා උර දී කටයුතු කරන මුල්ලේරියාව රෝයල්ටි සිංහ සමාජයේ ගෞරවනීය සහභාගීත්වය ද මෙහිදී සිදු විය.
Comments