top of page
Search

2019 ජනවාරි 13 දින දම්සභා මණ්ඩපය පළමු වැඩසටහන

  • Writer: මලියදේව පරිපාලන අංශය
    මලියදේව පරිපාලන අංශය
  • Jan 13, 2019
  • 1 min read

Updated: Dec 28, 2019

සමස්ථයක් ලෙස ගත් කල වර්ථමාන සිසු දරුවන් තුල ධර්ම අධ්‍යාපනයට ඇති ඇල්මත් ධර්මය පිළිබඳ කරුණු දැනගැනීමත් යන අංශ දෙකටම ඇත්තේ සාපේක්ෂ පසුබැස්මක්. දිනෙන් දින සිදුවන බටහිර සංස්කෘතික ආක්‍රමණයන්ට ගොදුරුවීමත් ජංගම දුරකථන වැනි විවිධාකාර තාක්ෂණික උපකරණ අයතා ලෙස පරිහරණයට පුරුදු වීමත් නිසා සිංහල බෞද්ධයා සිය ශ්‍රේෂ්ඨ සංස්කෘතියෙන් බැහැරට යමින් සිටීමේ විපාකය භුක්ති විඳින්නේ වර්ථමාන සිසු දරුවන්. ධර්මය දැනගැනීමත් ධර්මයෙහි පිළිපැදීමත් නීරස කාරණාවක් වී ඇත්තේ යට කී කාරණාවන් හේතු කොටගෙනයි.

දිනෙන් දින බිඳින් බිඳ ශ්‍රී සද්ධර්මයෙන් ඉවත් වීගෙන යන සිංහල බෞද්ධයාගේ අනාගත පරපුර වෙත නැවතත් ධර්ම රසය ඇති කරවනු පිණිස විවිධාකාර ව්‍යායාමයන් අත්හදා බලමින් වෙහෙසෙන මලියදේවයේ විදුහල්පති හිමියන් ඇතුලු ගුරුමණ්ඩලයට 'ධම් සභා මණ්ඩපය' නම් වූ සංකල්පයක් ඇති වූයේ එකී ව්‍යායාමයන්ගේ ප්‍රථිඵලයක් ලෙසයි. සිසු දරුවන් පන්ති කාමරයකට සීමා කොට දෙන ධර්ම දානයකට වඩා මණ්ඩපයක් මත සිදු කරන ධර්ම සාකච්ඡාවක් වඩා ප්‍රායෝගික බවක් ගෙන දෙන බව වැටහීමෙන් 'ධම් සභා මණ්ඩපය' සකස් විනි.

සය වන ශ්‍රේණියේ සිට අවසාන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසු දරුවන් සමඟ පොදුවේ සාකච්ඡා කල හැකි සාර්ධර්ම ගුණධර්ම, ත්‍රිවිධ රත්නයේ ගුණ, ජාතික වීරයින්, ජීවිත විනාශ කරන මත් උවදුර වැනි මාතෘකා ගුරුමණ්ඩලයත් සිසු දරුවනුත් එක්ව සාකච්ඡා කිරීම දම් සභා මණ්ඩපය තුලදී සිදු කෙරේ.

උදා වූ 2019 වර්ෂයේ සිට පැවැත්වීමට සැලසුම් කරගෙන තිබූ දම් සභා මණ්ඩපය ඒ අයුරින්ම සිදු කෙරුනේ 2019 ජනවාරි මස 13 වන දිනයේදීයී. සමාරම්භක මාතෘකාව වූයේ ශ්‍රී මලියදේවයෙහි දැක්ම කරා ගමන් කිරීමට පාදක වන සාරධර්ම ගුණධර්ම පිළිබඳවයි. මලියදේව විදුහල්පති පූජ්‍ය බදුල්ලේ මහානාම හිමියන් මූලාසනාරූඩව දම් සභා මණ්ඩපයෙහි ආරම්භක දේශණාව සිදු කරන ලදී. අනතුරුව ධර්ම විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ ගුරුවරුන් වන එස්.ආර්.පී.අමරසිංහ ගුරුපියාණන් විසින් ද, මේ වන විට අප අතරින් සදහටම වෙන්වී සිටින ජ්‍යේෂ්ඨ ආචාර්‍යවරියක් වූ සුසිලා පෙරේරා ගුරුමෑණියන් විසින් ද, තවත් ආචාර්‍ය මණ්ඩල සාමාජික ගුරුභවතුන් විසින් ද විවිධ කරුණු ඔස්සේ සාරධර්ම ගුණධර්ම පිළිබඳ දේශණා පවත් වන ලදී.



 
 
 

Commenti


Non puoi più commentare questo post. Contatta il proprietario del sito per avere più informazioni.

ශ්‍රී මලියදේව ධර්ම විද්‍යාලය

ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරය

කොටිකාවත්ත

  • Twitter
  • Facebook Social Icon
  • Instagram
  • මලියදේව You Tube දර්ශන එකතුව
bottom of page