2019 ඔක්තෝබර් 19, 20 දෙදින කඨීන පිංකම
- මලියදේව පරිපාලන අංශය
- Oct 19, 2019
- 1 min read
ශ්‍රී මලියදේව ධර්ම විද්‍යාලය පවත්වාගෙන යනු ලබන්නේ කොටිකාවත්ත ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරස්ථානයට අනුබද්ධිතවයි. මෙනිසා විහාරස්ථාන වාර්ෂික කඨීන පුණ්‍ය මහෝත්සවය සඳහා යම් කිසි දායකත්වයක් සැපැයීම මලියදේවයේ යුතුකමක් ලෙසයි සැලකෙනුයේ. මේ අනුව 2019 වසරේ විහාරස්ථාන කඨීන පිංකමට සමගාමීව සිදු කරන පරිත්‍රාණ ධර්ම දේශණාව සඳහා පිරිත් මණ්ඩපය අලංකාර කරණය භාර ගනු ලැබුයේ මලියදේවයන් විසින්. ගුරුමණ්ඩලය මූලිකත්වය ගනිමින් සිදු කල මෙම අලංකාර කරනයට සිසු දරුවන්, දෙමවුපියන් මෙනම විහාරස්ථානය හා සම්භන්ධ ප්‍රදේශවාසී සැදැහැවතුන්ගේද උදවු උපකාර නොමදව ලැබින.
Comments