2019 ඔක්තෝබර් 06 දින ලෝක ළමා දිනය සැමරීම
- මලියදේව පරිපාලන අංශය
- Oct 6, 2019
- 1 min read
Updated: Mar 8, 2020
ඔක්තෝබර් මස 01 වන දින පැවති ලෝක ළමා දිනය සැමරීම සිදු කෙරුනේ ඔක්තෝබර් මස 06 වන ඉරු දිනයි. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිංහ සමාජයේ මූලික දායකත්වයෙන් සිදු කෙරුණු මෙම උත්සවය මූලික අංග 3කින් සමන්විත විය. ධර්ම විද්‍යාලයීය සියලු සිසු දරුවන් උදෙසා අයිස් ක්‍රීම් සංග්‍රහයක් පැවැත්වීම එක් අංගයක් විය. අනතුරුව චිත්‍ර විෂය කෙරෙහි නැඹුරුතාවයක් දක්වන සියලු සිසු දරුවන් උදෙසා චිත්‍ර තරඟයක් පැවැත්විනි. මෙම චිත්‍ර තරඟය සඳහා අදාල මාතෘකා ලබා දීමේ පටන් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් තෝරා ඒ අයට ත්‍යාග ලබා දීම දක්වා සමස්ථ ක්‍රියාවලියම සිංහ සමාජයේ මෙහෙයවීමෙන් සිදු විනි. එය ළමා දින උළෙලෙහි දෙවන අංගයයි. තෙවන අංගය ලෙස ඔවුන් සංවිධානය කර තිබුනේ සියලු සිසු දරුවන් උදෙසා ළමා චිත්‍රපටයක් ප්‍රදර්ශණය කිරීමයි. විදුහල්පති හිමියන්ගේ මූලික අනුශාසනා මත සිදු වූ මේ සියලු කර්තව්‍යයන් අති සාර්ථක ලෙස මෙහෙය වූ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිංහ සමාජයටත් නන් අයුරින් සහය දැක්වූ ගුරුමණ්ඩලය, දෙමවුපියන් ඇතුලු සියලු දෙනාට ප්‍රසංශා කල යුතුය.
චිත්‍ර තරඟය
ළමා චිත්‍රපටය ප්‍රදර්ශනය
අයිස්ක්‍රීම් දන්සැල
Comments