top of page
Search

2019 ඔක්තෝබර් 06 දින ගුරු උපහාර උළෙල

  • Writer: මලියදේව පරිපාලන අංශය
    මලියදේව පරිපාලන අංශය
  • Oct 6, 2019
  • 1 min read

මලියදේව ධර්ම විද්‍යාලය විසින් වාර්ෂිකව පවත්වනු ලබන උත්සව අතුරෙන් තවත් එක් විශේෂ උත්සවයකි ගුරු උපහාර උළෙල. සෑම වසරකම ඔක්තෝබර් මස 05 වන දිනට යෙදී තිබෙන ලෝක ගුරු දිනයට සමගාමීව සිදු කරන මෙම උත්සවය සෑම වසරකම සංවිධානය කරනු ලබන්නේ ධර්ම විද්‍යාලයීය ශිෂ්‍ය නායක මණ්ඩලය විසින්. දහම් මග පෙන්වා දෙමින් තම තමන්ගේ ජීවිත යහ මගට යොමු කරවාලන ගුරු මෑණිවරුන් සහ ගුරු පියවරුන්ට හෘදයාංගම කෘතවේදී බව පෙන්වාලමින් අති විශිෂ්ඨ ආකාරයට සමරනු ලබන මෙම උත්සවය ගුණධර්ම වලින් හෙබියා වූ සිසු දරුවකුගේ ක්‍රියා කලාප ආදර්ශයට නංවයි.

2019 ඔක්තෝබර් 06 දින ධර්ම විද්‍යාලයීය රැස්වීම් ශාලාවේදී පැවැත්වූ මෙම උළෙල විදුහල්පති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ ගුරුමණ්ඩලයේ සාමාජීකයින්ගේ සහ සිසු දරුවන්ගේ සහභාගීත්වයෙන් සිදු විය. ධර්ම විද්‍යාලයීය විදුහල්පති හිමියන්ගේ අමිල සේවය අගයමින් උන්වහන්සේ වෙත සමරු තිලිණයක් පිළිගැන්වීම සිදු කෙරුනේ මණ්ඩලයේ ප්‍රධාන නායක නායිකාවන් විසිනි. අනතුරුව සෙසු සියලු ගුරුභවතුන් උදෙසා සමරු තිලිණ ප්‍රධානය කිරීම සිදු විය. මේ සියලු කර්තව්‍යයන් අවසානයේ ගුරුමණ්ඩලය උදෙසා ප්‍රනීත සංග්‍රහයක් ද පැවැත්වීමට ශිෂ්‍ය නායක මණ්ඩලයේ දූ දරුවන් අමතක කොට තිබුනේ නැහැ.




 
 
 

Comments


Commenting on this post isn't available anymore. Contact the site owner for more info.

ශ්‍රී මලියදේව ධර්ම විද්‍යාලය

ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරය

කොටිකාවත්ත

  • Twitter
  • Facebook Social Icon
  • Instagram
  • මලියදේව You Tube දර්ශන එකතුව
bottom of page