top of page
Search

2019 අප්‍රේල් 07 වන දින අලුත් අවුරුදු පොළ

  • Writer: මලියදේව පරිපාලන අංශය
    මලියදේව පරිපාලන අංශය
  • Apr 7, 2019
  • 1 min read

Updated: Oct 31, 2019

සිසු දරුවන්ගේ සාරධර්ම ගුණධර්ම සංවර්ධනයට සමගාමීව සිංහල ජාතික සංස්කෘතිය පිළිබඳවද දැනීමක් හා ඒ පිළිබඳ හැඟීමක් ඇති කරවනු පිණිස ධර්ම විද්‍යාලය මඟින් පවත්වනු ලබන වාර්ශික අවුරුදු පොළ මෙවර යෙදී තිබුණේ අප්‍රේල් මස 07 වන දිනටයි. වසර ගණනාවක් මුලුල්ලේ අඛංඩව පවත්වාගෙන එනු ලබන මෙම සංස්කෘතික අංගය සඳහා සූදානම් වන ආකාරය මලියදේව සිසු දරුවන්ට අලුත් දෙයක් නොවේ. පොල සඳහා පංති මට්ටමෙන් වෙලඳ කුටිය බැගින් ඉදිරිපත් කල යුතු අතර මේ සඳහා පංතිභාර ගුරුවරයා මෙන්ම සිසු දරුවන්ද ඉමහත් උනන්දුවකින් හා උද්යෝගයකින් කටයුතු කරයි. තම තමන්ගේ වෙලඳ කුටියේ අලෙවි කරන භාණ්ඩ පිළිබඳව ගුරුවරයා සහ සිසු දරුවන් එක්ව සාකච්ඡා කර ගනී. පොල පැවැත්වෙන දිනයේදී ගුරුවරුන් මෙන්ම සිසු දරුවන්ද බෝහෝ විට සිංහල අවුරුදු ඇඳුමෙන් සැරසී වෙලඳාම් කටයුතු වල නිරත වේ. මෙම අවුරුදු පොල ප්‍රදේශවාසීන්ගේ ද වැඩි අවදානයක් දිනා සිටින අංගයක් බැවින් පොල පැවැත්වෙන විහාර භූමිය අනතාවගෙන් පිරී ඉතිරී යයි.

උදය කාලය අවුරුදු පොල සඳහා වෙන්වන අතර සවස් කාලය යොදා ගැනෙනුයේ අවුරුදු උළෙල සඳහායි. සිසු දරුවන්ගේ මනස තුල සමගිය සහෝදරත්වය වැනි ශ්‍රේෂ්ඨ සිංහල ජාතික ගුණාංග පිළිබඳ අවබෝධයක් සහ ඒ පිළිබඳ පුරුද්දක් ඇති කරවීම මෙම සිංහල අවුරුදු උළෙලහි එක් බලාපොරොත්තුවකි. මෙයද ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් අති උත්කර්ශවත්ව විනෝදකාමීව සිදු වන්නකි. නොවැලැක්විය හේතු සාධක නිසා මෙවර අවුරුදු උළෙල පැවැත්වීමට නියමිත කර තිබුණේ අප්‍රේල් මස 28 වන දිනටය. කෙසේ වෙතත් අප්‍රේල මස 21 දින ලක් දෙරන තුල සිදු වූ අන්තගාමී ත්‍රස්ථ ප්‍රහාර නිසා ඇති වූ ආරක්ෂක අස්ථාවර ස්වභාවය නිසා මෙවර මලියදේව අවුරුදු උළෙල පැවැත්වීම අවලංගු කිරීමට සිදු විය.




 
 
 

Comments


Commenting on this post isn't available anymore. Contact the site owner for more info.

ශ්‍රී මලියදේව ධර්ම විද්‍යාලය

ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරය

කොටිකාවත්ත

  • Twitter
  • Facebook Social Icon
  • Instagram
  • මලියදේව You Tube දර්ශන එකතුව
bottom of page